ඉතාලියෙන් බදාදා දිනයේදී වයිරස ආසාදිතයන් 15,199 දෙනකු හඳුනාගෙන තිබිණි.
අවසන් පැය 24 දී ඉතාලියෙන් වයිරස ආසාදිත මරණ 136 ක් වාර්තා වී තිබූ අතර එය පෙර දිනය හා සැසඳීමේදී 127 කින් වැඩි වීමකි.
කෙසේ නමුත් ඉකුත් මාර්තු හා අප්‍රේල් මාසවලදී ඉතාලියෙන් වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණනට වඩා එම ගණන අඩු ය.
මාර්තු හා අප්‍රේල් මාසවලදී ඉතාලියෙන් වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන උච්ඡතම අවස්ථාවට පැමිණි අතර ඇතැම් දිනවලදී වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 1000 කට ආසන්න විය.
ඉතාලියෙන් මේ වන විට වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 36,968 ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 465,726 ක් වේ.
පසුගිය සති කිහිපයේදී ඉතාලියෙන් දෛනිකව වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ ගිය අතර පළමු රැල්ල අවස්ථාවේදී දෛනිකව වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන් ද ඉක්මවා යමින් තිබේ.
වයිරසයේ පළමු රැල්ල අවස්ථාවේදී මෙන්ම මෙවර ද වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට ය. ඉතාලියේ මූල්‍ය අගනගරය වන මිලාන් නුවර පිහිටා ඇත්තේ ද ලොම්බාර්ඩි ප්‍රදේශයේ ය.
බ්‍රහස්පතින්දා දිනයේදී පමණක් ලොම්බාර්ඩි ප්‍රදේශයෙන් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 4,125කි. දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පීඩ්මොන්ට් ප්‍රදේශයට ය. එම ප්‍රදේශයෙන් අවසන් පැය 24 දී වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන 1,550කි.
රොයිටර්/ඒ.එෆ්.පී.
055