‘ඔමික්‍රෝන්’ විකෘතියත් සමඟ ‘කොවිඩ් 19’ කොරෝනා වසංගතයේ අවසානය අවසන් වේවි යැයි බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටියත් එය එසේ නොවීමට ඉඩ ඇති බවත්, තවත් බිහිසුණු විකෘති ප්‍රභේදයක් ඕනෑම වෙලාවක හිස එසවිය හැකි බවත් ජගත් විද්‍යාඥයෝ අනතුරු අඟවති.
‘කොවිඩ් 19’ වසංගතයේ අවසානය බලාපොරොත්තු වීමට නම්, ලොව සෑම රටකින්ම, කොරෝනා තුරන් විය යුතුයි. එසේ කළ හැක්කේ ලෝක ජනගහනයෙන් සියයට 70 කට වඩා එන්නත් ලබා දීමෙන් පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.
එසේ කිරීමට නම් ලෝකය එකමුතු විය යුතු බවත් එන්නත් සමව බෙදී යෑමක් සිදුවිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)