හමුදා කුමන්ත්‍රණයකින් බලය අහිමි වුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කීට තවත් සය වසරක සිර දඬුවමක් හිමිවිය.
මෙම සිරදඬුවම හිමිවූයේ මියන්මාරයේ වැසියන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා සූකී පිහිටුවන ලද ‘දෝ කින් කියි’ පදනමේ අරමුදල් අවභාවිතා කිරීම සහ තවත් දුෂණ චෝදනා කිහිපයකට ඇය වරදකාරිය වූ බැවිනි.
මෙම සය වසරක සිර දඬුවමට අමතරව 77 හැවිරිදි සූ කී ට තවත් අවුරුදු 11ක සිරදඬුවමක් නියම වී ඇත. ඒ, ඇයට එල්ල වී ඇති වෙනත් චෝදනා සම්බන්ධයෙනි. තමන්ට එල්ල වන සියලුම චෝදනා අවුන් සාන් සූ කී තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
මියන්මාරයේ හමුදා ජුන්ටාව, සූකී ට නිල රහස් පනත උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා, දූෂණ චෝදනා සහ මැතිවරණ වංචා පිළිබඳ චෝදනා මාලාවක් එල්ල කර ඇති අතර, එම චෝදනා සියල්ලටම ඇය වැරදිකාරිය වුවහොත් ඇයට හිමිවන සිරදඬුවම් කාලය වසර 190 ක් පමණ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)