බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මන්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. එහිදී, ඉදිරි වසර 100 දක්වා කාලය සඳහා, කිසිදු අඩුවක් නැතිව යුක්රේනයට සහාය දෙමින් යුක්රේනය ශක්තිමත් කිරීමට බි්රතාන්ය අග්‍රාමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේ නව ගිවිසුමකට ද අත්සන් තබමිනි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මන්, කීව් අගනුවරට පැමිණ, යුක්රේන ජනාධිපති හමුවී, වසර 100 ක එම ගිවිසුමට අත්සන් කළේ රුසියන් හමුදා කීව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කරද්දීය. යුක්රේන හමුදා ඊට පහර දෙමින්, ප්‍රති මිසයිල එල්ල කරමින් එම මිසයිල විනාශ කරන්න වූ බව ද වාර්තා විය.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට වසර 3 ක් ගත වී ඇත. යුද්ධය හේතුවෙන් මිලියනයක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව ද පැවැසෙයි.
රුසියාවෙන් එල්ල වන මිසයිල ප්‍රහාරවලට ප්‍රති මිසයිල එල්ල කරමින්, රුසියන් හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට යුක්රේන හමුදාවට, බ්‍රිතාන්‍යයෙන් පමණක් නොව ඇමෙරිකාවෙන් ද දිගු දුර මිසයිල ලැබී ඇත. මෙය රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.
(ඒ.එෆ්.පී.)