නත්තල වෙනුවෙන් ලොව පුරා සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට, හමුදා නිලධාරීන්ට, පුණ්‍යායතන සේවකයන් මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ද දුරකතන ඇමැතුම් දෙමින් පෞද්ගලිකව සුබ පැතීමටත්, නිවාස අහිමි අසරණ යාචකයන් වෙනුවෙන් ආහාර බෙදීමටත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කටයුතු කළේය. ඒ, නත්තලේ සැබෑ අරුත ලොවට කියමිනි.
අග්‍රාමාත්‍ය සුනාක්, ලොව පුරා සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට, හමුදා නිලධාරීන්ට, පුණ්‍යායතන සේවකයන් මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ද දුරකතන ඇමැතුම් දෙමින් පෞද්ගලිකව සුබපැතුවේ, මෙම වසරේ ඔවුන් කැපවීමෙන් කළ සේවය ඇගයීමට ලක් කරමිනි.
ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙසේ පෞද්ගලිකව දුරකතන ඇමැතුම් දී සුබ පැතීම සියලු දෙනා පුදුමයට පත් කිරීමට ද හේතුවක් විය.
වසර 12 කට වැඩි කාලයක් තිස්සේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලෙස කටයුතු කරන පාකිස්තාන සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික ෂෙර්වාන් අසීෆ් ද ඒ අතර සිටී.
පසුගිය සිකුරාදා (23) දිනයේ ලන්ඩනයේ නිවාස අහිමි අසරණයන් වෙනුවෙන් පිහිටුවා ඇති අසරණ සරණ මධ්‍යස්ථානයකට ගිය අග්‍රාමාත්‍ය සුනාක්, එහි කාර්ය මණ්ඩලයට සහාය වෙමින්, ආහාර ඉල්ලා එම මධ්‍යස්ථානයට ආ අසරණයන් බොහෝ දෙනකුට ආහාර බෙදීමටත් ඔවුන් සමඟ සුහඳශීලීව කතාබහ කිරීමටත් ද අමතක නොකළේය.
මෙම අසරණ සරණ මධ්‍යස්ථානය ‘පැසේජ්’ නමැති බ්‍රිතාන්‍ය පුණ්‍යායතනය මගින් පවත්වාගෙන යන්නකි.
(ඩේලිමේල් ඇසුරිනි)