අසර්බයිජාන දේශසීමාවේ ගැටුම් - නිලධාරීන් 5 ක් මරුට


අසර්බයිජානය සහ ආමේනියාව අතර දේශ සීමාවේ දින තුනක් පුරා පැවති ගැටුම් වලින් ජනරාල්වරයකු සහ නිලධාරීන් පස් දෙනකු මියගිය බව අසර්බයිජන බලධාරීහු පවසති.

 

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ට්‍රෝවුස් දිස්ත්‍රික්කයේ දැඩි සටන් පවතින බවයි.

 

දේශ සීමාවේ සිවිල් වැසියන්ට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කරන අතර ආමේනියාව පවසා ඇත්තේ ඔවුන්ගේ නිලධාරීන් දෙදෙනකු ද මියගිය බවයි.

 

බ්‍රෙඩ් නගරයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට ද ආමේනියාව අසර්බයිජානයට චෝදනා කරයි.

තමන් ආමේනියානු භටයන් සිය ගණනකට තුවාල සිදුකර ඔවුන්ගේ බලකොටුවක් හා කාලතුවක්කු විනාශ කළ බවත් අසර්බයිජාන හමුදාව පවසා තිබේ.

 

පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ කෙකේසියාවට අයත්ව තිබූ ‍මෙම රටවල් දෙකෙහි දීර්ඝ කාලයක් තිස්සේ දේශ සීමා අරගල පවතියි.

 

(බීබීසී ඇසුරිණි - 085)