අසර්බයිජානය සහ ආමේනියාව අතර දේශසීමා ගැටුම් ඇවිලෙමින් පවතින බවත්, අසර්බයිජාන හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ආමේනියානු සොල්දාදුවන් 45 දෙනකු මියගිය බවත් වාර්තා වේ.
ආමේනියානු අග්‍රාමාත්‍ය නිකොල් පෂින්යෑන් පවසා ඇත්තේ දේශසීමාවේ සිදුවුණු අවි ගැටුම් හේතුවෙන් තම සොල්දාදුවන් 45 දෙනකු මියගොස් තවත් 60 දෙනකු පමණ තුවාල ලබා සිටින බවය. ගැටුම් හටගෙන ඇත්තේ අසර්බයිජානය මෙන්ම ආමේනියාව ද අයිතිය ඉල්ලන නාගෝර්නෝ-කරබාක් පළාත මුල්කොට ගනිමිනි.
අසර්බයිජාන හමුදාව, ආමේනියානු හමුදාව ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව ද අග්‍රාමාත්‍ය නිකොල් පෂින්යෑන් පවසා තිබේ.
නාගෝර්නෝ-කරබාක් පළාත මුල්කොට ගනිමින් අසර්බයිජානය සහ ආමේනියාව අතර මීට පෙර ද දේශසීමා ගැටුම් පැවැතිණි. එම ගැටුම් සමතයකට පත් වූයේ රුසියාවේ මැදිහත් වීමෙනි.
අසර්බයිජානය තමන්ට සිදු කරන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු විය යුතු යැයි ද ආමේනියානු අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත. ආමේනියාව පිහිටා ඇත්තේ තුර්කියට ඉහළිනි. අසර්බයිජානය පිහිටා ඇත්තේ ඉරානයට ඉහළිනි.
(රොයිටර්)