ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (30) වාර්තා වූ අතර එම ගණන 52,000 ඉක්මවා ගියේය.
අසල්වැසි ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 52,123 දෙනකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව එරටින් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ සමස්ත ගණන 15,83,792ක් දක්වා ඉහළ ගොස් ඇත.
නව කොරෝනා වයිරසය හේතුවෙන් තෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ ද ඉන්දියාවයි.
ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන 5,28,242ක් වන අතර සුවය ලැබූ ගණන 10,20,582කි. ඉන්දියාවෙන් අද වනවිට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 34,968කි
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වී තිබූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 4,00,651කි. තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 2,34,114කි. දිල්ලියෙන් ආසාදිතයන් 1,33,310 දෙනකු ද ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 1,20,390 දෙනකු ද මේ වනවිට හඳුනාගෙන ඇත.
මේ අතර ඉන්දියාවේ අසල්වැසි පාකිස්තානයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 2,76,288ක් වන අතර බංග්ලාදේශයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 2,32,194කි.
එන්.ඩී.ටීවී.
055