පළමු වරට ආක්ටික් කලාපයට තානාපතිවරයකු පත් කරන බව ඇමෙරිකාව පවසයි.
ඇමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ ආක්ටික් කලාපයේ රුසියානු හමුදා ක්‍රියාකාරකම් දිනෙන් දින වැඩි වෙමින් පවතින බැවිනි.
ආක්ටික් යනු පෘථිවියේ උතුරු දෙසින් පිහිටි කලාපයයි. බොහෝ විද්‍යාඥයන් ආක්ටික් යනු සමකයට උතුරින් අංශක 66.5 පමණ අක්ෂාංශ රේඛාවක් වන ආක්ටික් කවය තුළ ඇති ප්‍රදේශය ලෙස අර්ථ දක්වයි.
මෙම කවය තුළ ආක්ටික් සාගර ද්‍රෝණිය සහ ස්කැන්ඩිනේවියාවට අයත් උතුරු ප්‍රදේශ, රුසියාව, කැනඩාව, ග්‍රීන්ලන්තය සහ ඇමෙරිකාවට අයත් ඇලස්කා ප්‍රාන්තය ද අයත් වෙයි.
ආක්ටික් කලාපයේ රුසියානු හමුදා ක්‍රියාකාරකම් දිනෙන් දින ඉහළ යෑම තර්ජනයක් බව පෙන්වා දී ඇත්තේ ‘නේටෝ’ සංවිධානයේ පද්‍ධානී ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග්ය.
ඒ අනුව, උත්තර ධ්‍රැව කලාපයේ ඇමෙරිකාවේ ප්‍රතිපත්ති ශක්තිමත්ව පවත්වා ගැනීම අවශ්‍ය බැවින්, ආක්ටික් කලාපයට තානාපිවරයකු පත් කිරීම ඉතා වැදගත් බව ඇමෙරිකා රජය පවසා තිබේ.
පත් කෙරෙන මෙම නව තානාපතිවරයා, සෙසු ආක්ටික් රාජ්‍යයන් වන කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, අයිස්ලන්තය, නෝර්වේ, ස්වීඩනය මෙන්ම රුසියාව සමඟ ද කටයුතු කරනු ඇත.
(රොයිටර්)