ආමේනියානු වැසියෝ පලායති


අසර්බයිජාන් හමුදාව, ‘නගානෝ කරබාක්’ පළාතේ ප්‍රදේශ රැසක් අත්පත් කර ගැනීමත් සමඟ එම ප්‍රදේශවල ජීවත් වූ වාර්ගික ආමේනියානු වැසියෝ දහස් ගණනක්, ආමේනියාවට පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ආමේනියාව සහ අසර්බයිජානය අසල්වැසි රටවල්ය. මෙම රටවල් දෙක අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විය. ‘නගානෝ කරබාක්’ යනු ආමේනියාවත් අසර්බයිජානයත් අයිතිය ඉල්ලන දෙරටට පොදු ප්‍රදේශයකි.

මෙම ප්‍රදේශයේ ජීවත් වන්නේ වාර්ගික ආමේනියානු වැසියන්ය. එම වැසියන් ගණන 1,20,000 කි. මේවනවිට ආමේනියාවට පලා යමින් සිටින වැසියන් ගණන 6,500 ඉක්මවයි.