ආමේනියාව සහ අසර්බයිජානය අයිතිවාසිකම් කියන ‘නගොර්නෝ කරබාක්’ පළාතේ අයිතිය වෙනුවෙන් යළිත් වරක් දෙරට අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ආමේනියානුවන් ‘නගොර්නෝ කරබාක්’ පළාතේ අයිතිය ඔවුන්ට නතු කරගත්තේ 1994 වසරේදීය. ඒ බෙදුම්වාදීන් අතරේ පැවැති යුද්ධය අවසන් වෙද්දීය. වාර්ගික ආමේනියානු වැසියන්ගේ නිජබිම ලෙස සැලකෙන්නේ ‘නගොර්නෝ කරබාක්’ පළාතය.
කෙසේ නමුත් 2020 වසරේ පැවැති බෙදුම්වාදී ගැටුම්වලින් පසු අසර්බයිජානයට ‘නගොර්නෝ කරබාක්’ පළාතේ ඇතැම් කොටස් අයිති විය. ‘නගොර්නෝ කරබාක්’ පළාතේ වෙසෙන වාර්ගික ආමේනියානුවන් ගණන 120,000 ක් බව ද පැවැසෙයි.
අසර්බයිජාන රජය පවසා ඇත්තේ ආමේනියානු බෙදුම්වාදීන් සහ ආමේනියානු හමුදාව යටත් වනතුරු ඔවුන්ට එරෙහිව දිගටම සටන් වැදීමට තමන් සූදානම් බවය. සිදුවුණු ගැටුම්වලින් ආමේනියානු සිවිල් වැසියන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා විය.
අසර්බයිජානය මෙන්ම ආමේනියාව ද අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණි. අසර්බයිජානය මෙන්ම ආමේනියාව ආසියාවට මෙන්ම යුරෝපා මහද්වීපයට ද අයත් වෙයි.