ඊශ්රායලය ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු මැදපෙරදිග කලාපයේ හටගත් යුද උණුසුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී සාකච්ඡා කළ යුතු බව ඉරානය පවසයි.
මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ඉරාන නියෝජිත අමීර් සයිඩ්ය. ඉරානය පවසා ඇත්තේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්රායලය වගකිව යුතු බවත්, ඇමෙරිකාවේ සහාය ඊශ්රායලයට හිමිවන බැවින් ඔවුන් රිසි පරිදි ඝාතන සිදු කරන බවත්ය.