ඇන්තනි ෆවුචිට ’කොවිඩ්’


'කොවිඩ් 19' වසංගතය ඇමෙරිකාවට පැමිණීමට පෙර සිටම ඒ ගැන ඇමෙරිකානුවන්ට අනතුරු අඟවමින්, දැනුවත් කරමින්, සෞඛ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කළ වෛද්‍ය ඇන්තනි ෆවුචි 'කොවිඩ් 19' ආසාදිතයකු වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.

'කොවිඩ් 19' වසංගතය ඇමෙරිකාවට ව්‍යාප්ත වූයේ ට්‍රම්ප් පරිපාලනය පවතිද්දීය. ඒ වනවිට ඇමෙරිකාවේ අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතයේ ප්‍රධානියා ලෙස වෛද්‍ය ඇන්තනි ෆවුචි 'කොවිඩ් 19' වසංගතයෙන් බේරීමටත්, එය පාලනය කිරීමටත් දුන් උපදෙස් ට්‍රම්ප් පරිපාලනය තැකීමක් කළේ නැත.

කෙසේ නමුත් ට්‍රම්ප්ගෙන් පසු ජනාධිපති ධුරයට පත් වූ ජෝ බයිඩන් සිට ප්‍රධාන වෛද්‍ය උපදේශකවරයා බවට ඇන්තනි ෆවුචි පත් කර ගත්තේය.

'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු ෆවුචි නිරෝධානය වී සිටින බවත් සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන බවත් පැවැසෙයි. ෆවුචි, 'කොවිඩ් 19' සඳහා නියමිත ප්‍රතිශක්තිකරණ එන්නත් සියල්ල ලබා ගෙන ඇති බව ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)