ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ප්‍රතිඥා දී ඇත.
ඒ අනුව ට්‍රම්ප් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට ඇමතුමක් දුන් බවත්, ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති ඉලෙන් මස්ක් ද ට්‍රම්ප් එම දුරකතන ඇමතුමට සම්බන්ධ කරගත් බවත් වාර්තා වේ.
ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ට සහාය දැක්වූ ප්‍රධානතම තැනැත්තා ඉලොන් මස්ක්ය. මස්ක් තමන්ගේ පවුලේ සාමාජිකයකු වැනි බවත්, තමන්ගේ පරිපාලනයට ඔහු ද සම්බන්ධ වනු ඇති බවත් ට්‍රම්ප් පවසා ඇත. කෙසේ නමුත් ට්‍රම්ප්, මස්ක් සහ සෙලෙන්ස්කී සාකච්ඡා කළේ කුමක්දැයි මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය වී නැත.
(එන්.ඩී.ටීවී.)