ඇමරිකන් ඩ්‍රෝන යානාවක් කළු මුහුදට කඩා වැටුණි. ඒ, රුසියන් ප්‍රහාරක යානයක් සහ නියමුවන් රහිත එම ඩ්‍රෝන යානය අතර හටගත් ගැටුමකින් පසුවය.
ඇමරිකාවට අනුව, ඔවුන්ගේ MQ-9 Reaper වර්ගයේ හමුදා ඩ්‍රෝන යානය, ජාත්‍යන්තර ගුවන් සීමාවේ නිරීක්ෂණ කටයුතුවල නියැලී තිබේ. ඒත් රුසියන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානවා දෙකක් ඊට බාධා කිරීමට පටන් ගෙන ඇත.
එහිදී එක් රුසියන් යානයක් ඩ්‍රෝන යානයේ වේගයට සමාන්තරව ඉහළින් පියාසර කරමින් ඩ්‍රෝන යානයට, ඉන්ධන හැලීමට උත්සාහ ගෙන ඇත. ඩ්‍රෝන යානය මුහුදට වැටී ඇත්තේ එම අවස්ථාවේදීය.
රුසියන් හමුදාව හෝ රුසියන් රජය හෝ මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකන් රජය එරට රුසියන් තානාපති ඇනටෝලි ඇන්ටනෝව් කැඳවා ප්‍රශ්න කර ඇතැයි ද පැවැසෙයි.
(බීබීසී)