ඇමෙරිකන් ආරක්ෂක උපදේශක සෞදි අරාබියේ


ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් සෞදියේ ජෙඩා නුවරට පැමිණ සිටී. ධවල මන්දිරය වාර්තා කළේ ජේක් සලිවාන් සහ සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරුන් අතරේ හමුවක් පැවැත්වුණු බවය.

ජේක් සලිවාන් සහ සෞදි කුමරුන් අතර හමුව පැවැත්වූයේ ජෙඩා නුවරදීය. මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වුණු බව පැවැසෙයි.

මේ වනවිට සෞදි රජය සහ ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා පැවැත්වීමට සූදානමින් සිටී. සෞදි ඊශ්‍රායල සබඳතා සම්බන්ධයෙන්  ජේක් සලිවාන් සහ සෞදි කුමරුන් අතරේ සාකච්ඡාවක් සිදු නොවුණු බව ද ධවල මන්දිරය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.