ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි ආමේනියාවේ සංචාරයක කරමින්, අසල්වැසි අසර්බයිජානයට දොස් නැගුවාය.
ආමේනියාව මෙන්ම අසර්බයිජානය ද රුසියන් හිතවාදී රාජ්‍යයන් වන අතර අසර්බයිජානය, ආමේනියාවට වඩා රුසියාවට හිතවත්ය.
මේ වනවිට ආමේනියාව සහ අසර්බයිජානය අතර දේශසීමා අවි ගැටුම් පවතී. එම ගැටුම්වලින් මියගිය ආමේනියානුවන් ගණන 200 කට වැඩි යැයි ද පැවැසෙයි.
ඇමෙරිකන් කතා නායිකා පෙලෝසි ආමේනියාවේ යෙරෙවාන් අගනුවරට ගොස් එරට පාර්ලිමේන්තු කතා නායක ඇලෙන් සිමොන්යාන් හමුවෙමින් ඉල්ලා සිටියේ ආමේනියාවේ සහාව ඇමෙරිකාවට අවශ්‍ය බවය.
මේ අතර ආමේනියාව සහ අසර්බයිජානය අතර සටන් විරාමයක් අවශ්‍ය යැය රුසියාව පෙන්වා දී ඇත. මීට පෙර ද ආමේනියාව සහ අසර්බයිජානය අතර දේශසීමා ගැටුම් ඇවිලෙද්දී ඊට මැදිහත් වී, දෙරට අතර සටන් විරාමයක් ආරම්භ කළේ රුසියාවය.
(රොයිටර්)