ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ දුරකතන කතාබහක් පැවැතිණි. ඒ, දෙරට අතරේ පවතින මත ගැටුම් සම්බන්ධයෙනි.
ඇමෙරිකා ජනාධිපති බයිඩන් සහ චීන ජනාධිපති ජින්පින් අතරේ සමුළුවක් පසුගිය නොවැම්බරයේ කැලිෆෝනියාවේ පැවැත්විණි. ඉන්පසු රාජ්‍ය නායකයන් දෙදෙනා දුරකතනය ඔස්සේ කතාබහකට එක් වුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
ඇමෙරිකාවත් චීනයත් ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියයි. කෙසේ නමුත් දෙරටේ වෙළෙඳ කටයුතු සිදුවන්නේ පනවා ඇති දැඩි කොන්දේසි අනුවය. එම කොන්දේසි ලිහිල් කර ගැනීම සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)