නයිජීරියාවේ ඇමෙරිකා තානාපති කාර්යාල නිලධාරීන් ගමන් කරමින් සිටි රිය පෙරහරකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.
වෙඩි ප්‍රහාරයෙන් ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනකු සහ ඔවුන්ගේ ආරක්ෂාවට සිටි නයිජීරියානු පොලිස් නිලධාරීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
රථ පෙරහර වෙඩි ප්‍රහාරයට ලක් වූයේ දකුණු දිග නයිජීරියාවේ අනම්බ්‍රා ප්‍රාන්තයේ අටානී නගරයට නුදුරිනි. ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන් ගමන් කරමින් සිටියේ පොලිස් ආරක්ෂාවක් ද යටතේය.
වෙඩි තැබීම කළ සන්නද්ධ පිරිස ඇමෙරිකන් නිලධාරීන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි ද පැවැසෙයි. ඔවුන් සෙවීම මේ වනවිට ආරම්භ වී ඇතැයි නයිජීරියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)