ඇමෙරිකන් නළු පෝල් රියුබන්ස් සමුගනී


1980 දශකයේ, රූපවාහිනියෙන් මෙන්ම රිදී තිරයෙන් ද ‘පී වී හර්මන්’ නමැති පඟසන චරිතයට පණ පෙවූ ඇමෙරිකන් රංගන ශිල්පී පෝල් රියුබන්ස් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 70 කි.

පෝල් රියුබන්ස් වසර ගණනාවක් තිස්සේ පිළිකාවකින් පීඩා විඳි අයෙකි.

පෝල් රියුබන්ස් පළමුවෙන්ම, පී වී හර්මන්ගේ චරිතයට පණ පෙව්වේ 1985 වසරේදීය. පී වී හර්මන්ගේ චරිතය ඇසුරින් නිර්මාණය වුණු රූපවාහිනී වැඩසටහන 1986 වසරේ සිට 1991 වසර තෙක් විකාශය කෙරුණි. ඊට එමී සම්මාන 22 ක් හිමිවී තිබේ.