ඇමෙරිකන් නීතිපති මැරික් ගාලන්ඩ් යුක්රේනයට යෑමට සූදානම් වෙයි.
මැරික් ගාලන්ඩ්ගේ අරමුණ වී ඇත්තේ, රුසියාව යුක්රේනයේ සිදු කරනවා යැයි පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමටය.
මැරික් ගාලන්ඩ් යුක්රේන නීතිපති අයිරින් වෙන්ඩික්ටෝවා හමුවී, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ඇති බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා තිබේ.
යුක්රේනය බලා යද්දී, පැරිස් නුවර පැවැත්වෙන් ඇමෙරිකන් සහ යුරෝපා සංගමයේ අමාත්‍යවරුන්ගේ හමුව පැරිස් නුවරදී පැවැත්වෙන අතර, ඇමෙරිකන් නීතිපති මැරික් ගාලන්ඩ් එම හමුවට ද සහභාගී වනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
(එන්.ඩී.ටීවී.)