ඇමෙරිකන් මගී යානයකට වෙඩි තියලා


හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් ගුවන්තොටුපොළෙන් ගුවන්ගතවී ඇමෙරිකාව බලා පියාසර කරමින් තිබුණු ඇමෙරිකාවේ ‘ස්පිරිට් එයාර් ලයින්ස්’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වූයේ නැත. වෙඩි ප්‍රහාරය එල්ල වූයේ ‘ස්පිරිට් එයාර් ලයින්ස්’ ගුවන් සේවයට අයත් අංක 951 ගුවන් යානය හයිටියේ පෝට් ඔෆ් ප්‍රින්ස් අගනුවරට ඉහළින් පියාසර කරද්දීය. මේ හේතුව නිසා පෝට් ඕ ප්‍රින්ස් බලා පැමිණෙන විදෙස් ගුවන් යානා තාවකාලිකව හයිටිය බලා පැමිණීම නවත්වා ඇතැයි ද පැවැසෙයි.