අරමුදල් අනුමත කර ගැනීමට නොහැකිව, ඇමෙරිකා රජය අකර්මණ්‍ය වීමේ අවදානමක් පැවැති නමුත්, තවත් දින 45 ක් සඳහා රජයේ කටයුතු පැවැති අයුරින් කරගෙන යෑමට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයක් සහ රිපබ්ලිකන් පාක්ෂිකයන් අතරේ තාවකාලික එකඟත්වයක් ඇතිකර ගැනුණි.
ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් පසුව සෙනෙට් මණ්ඩලයේත් අනුමැතිය හිමිවීමෙන් පසු දින 45 ක කාලයක් සඳහා තාවකාලිකව රජයේ කටයුතු පවත්වාගෙන යෑමට එකඟත්වය ඇති කර ගනිමින් ඉදිරිපත් වුණු පනත් කෙටුම්පතට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තැබුවේය.
ඇමෙරිකන් රජයේ අරමුදල් පැවැතියේ ඊයේ (30) මධ්‍යම රාත්‍රිය තෙක් පමණි. එකඟතාවක් ඇති කර නොගැණුනේ නම්, ඇමෙරිකන් ෆෙඩරල් රජය කඩා වැටීමට නියමිතව තිබුණු බවත් රාජ්‍ය සේවකයන් සහ නිලධාරීන්ට වැටුප් ගෙවීමට නොහැකි වීමට ඉඩ තිබුණි.
රුසියන් ආක්‍රමණය හමුවේ යුක්රේනයට ඇමෙරිකන් රජයේ මුදල් ආධාර හිමිවෙයි. එය ඇමෙරිකන් රජයට ලොකු වියදමකි. ඉදිරි දින 45 ක කාලයේ කිසිම ආකාරයකට යුක්රේනයට ආධාර ලබා නොදීමට ද ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තීරණය කර තිබේ.