ඇමෙරිකන් රාජ්‍ය ලේකම් චීන විදෙස් ඇමැති හමුවෙයි


ජර්මනියේ මියුනිච් නුවර පැවැති ජගත් ආරක්ෂක සමුළුව අතරතුරේ ඊට සහභාගී වුණු චීන විදේශ අමාත්‍ය වැංග් ඊ සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතරේ හමුවක් පැවැත්විණි.

ඇමෙරිකා සහ චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් අතරේ මෙසේ හමුවක් පැවැත්වූයේ චීනයේ ඔත්තු බැලන බැලූන ඇමෙරිකා ගුවන් සීමාව උල්ලංඝනය කිරීමේ සිද්ධියෙන් පසුව යැයි ද පැවැසෙයි.

චීනය එසේ ඔත්තු බැලීම් කළා නම් එය වගකීම් විරහිත ක්‍රියාවක් යැයි ඇන්තනි බ්ලින්කන් චීන විදේශ අමාත්‍යවරයාට පැහැදිලි කළේය. චීනය තරයේ පවසා ඇත්තේ එම බැලූනය තමන්ට අයත් එකක් වුවත් එය හමුදා ඔත්තු බැලීම් කරන බැලූනයක් නොවන බවය. චීනයට අනුව එම බැලූනය කාලගුණ විද්‍යා දත්ත රැස් කිරීමට යවන ලද්දකි.

(රොයිටර්)