ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සතියක් තිස්සේ පැවතින තාවකාලික සටන් විරාමය, ස්ථිර සටන් විරාමයක් බවට පත් කරගත යුතු යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායලයට පවසයි.
ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. හමාස් සංවිධානය පවසා ඇත්තේ සටන් විරාමය තව දුරටත් දීර්ඝ කර ගැනීමට තමන් කැමැති බවය.
සතියක කාලයක් තිස්සේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් ආරම්භ වූයේ මත ගැටුම් මැදය.
සටන් විරාමයේ කොන්දේසිය වූයේ හමාස් සංවිධානය ඔවුන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් නිදහස් කිරීම සහ ඒ වෙනුවෙන් ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල සිටින පලස්තීනුවන් නිදහස් කිරීමය.
(ඒ.එෆ්.පී.)