ඇමෙරිකන් සබ්මැරීනයකට අකරතැබ්බක්


ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් න්‍යෂ්ටික සබ්මැරීනයක් “හඳුනා නොගත් වස්තුවක” ගැටී ඇතැයි වාර්තා වේ.

ආසියා-ශාන්තිකර කලාපයේ යාත්‍රා කරමින් තිබියදී අදාළ සබ්මැරීනය යමක ගැටී තිබෙන අතර මෙම සිදුවීමෙන් නාවිකයන් කිහිපදෙනකුම තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

දකුණු චීන මුහුද කලාපයේ ජාත්‍යන්තර මුහුදේදී මෙම අනතුරු සිදු ව ඇතැයි ඇමෙරිකානු නිලධාරීන් කිහිපදෙනකු උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම සිදුවීමෙන් නාවිකයන් 11 දෙනකු තුවාල ලබා ඇතැයි ද එම වාර්තාවල දැක්විණි.

බී.බී.සී. ඇසුරිනි