ඇමෙරිකන් හමුදා යානයක් අනතුරේ


ඇමෙරිකානු හමුදාවට අයත් ‘එම්.වී 22 ඔස්ප්‍රේ’ වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක් වී කඩා වැටුණු බව ඇමෙරිකානු නාවික හමුදාවේ මැරීන් බලකාය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ඩියාගෝ නුවරට කිලෝ මීටර 185 ක් නැගෙනහිරින් ඉකුත් 8 වෙනිදා, පුහුණුවීම් අතරතුරේ, මෙම අනතුර සිදුවිය.

යානය අනතුරට පත් වන අවස්ථාවේ එහි මැරීන් සෙබළුන් 5 දෙනකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා වේ. යානයේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

(රොයිටර්)