ඇමෙරිකා-චීන ජනපති හමුවක්


තායිවානය මුල්කොට ගනිමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ වීඩියෝ හමුවක් පැවැත්විණි.

දූපතක් වන තායිවානය අතීතයේ චීනයට අයත් කොටසකි. වර්තමානයේ තායිවානයට වෙනම පාලනයක් ඇති නමුත් චීනය විශ්වාස කරන්නේ තවමත් තායිවානය චීනයේ කොටසක් බවය.

ඇමෙරිකාව තායිවානයට සහාය පළ කිරීම චීනයේ විරෝධයට හේතුවක් වී තිබේ. එය තම ජාතික ආරක්ෂාවට ද ගැටලුවක් බව චීනය පවසයි.

තායිවාන අර්බුදයට මැදිහත් නොවන ලෙසත්, තායිවානය සම්බන්ධයෙක් චීනය ගන්නා තීන්දු තීරණවලට ගරු කරන ලෙසත් චීන ජනාධිපති ෂී ජින්පින්, ඇමෙරිකා ජනාධිපති බයිඩන්ගෙන් ඉල්ලා සිටියේය.

තායිවාන චීන අර්බුදයට දිගින් දිගටම මැදිහත් වීම, ගින්දර සමඟ සෙල්ලම් කිරීමක් යැයි ද චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකා ජනාධිපති බයිඩන් ට පැහැදිලි කළේ තර්ජනාත්මක ස්වරූපයකිනි.

පැය 2 යි මිනිත්තු 17 ක් තිස්සේ වීඩියෝ කතාබහ පැවැත්වුණු අතර එය අවසන් වූයේ බයිඩන් සහ ජින්පින් මුහුණට මුහුණ එකිනෙකා හමුවීමට කැමැත්ත පළ කරමිණි.

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ 2021 ජනවාරියේය. බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් මීට පෙර මුහුණට මුහුණ හමුවක් පවත්වා නැත.

(රොයිටර්)