‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය ඉලක්ක කර ගනිමින්, නව බූස්ටර් එන්නත් වැඩසටහනක් කඩිනමින් ආරම්භ කරන බව ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පවසයි.
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය අඩපණ කිරීමේ අරමුණින් ඇමෙරිකානුවන්ට ලබා දෙන්නේ ් ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ සමාගම් නිපදවා ඇති විශේෂ ප්‍රතිශක්තිකරණ එන්නත්ය. ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීන්, ‘ඔමික්‍රෝන්’ විකෘතිය පමණක් ඉලක්ක කර ගනිමින් එන්නත් වැඩසටහනක් ආරම්භ කරන පළමු අවස්ථාව මෙයයි.
මේ වනවිට ඇමෙරිකාවේ ද ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ වර්ධනයක් දකින්න ලැබේ. ඒ, ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තිය හේතුවෙනි. ‘ඔමික්‍රෝන්’ විකෘතියේ උප විකෘති දෙකක් වන ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන අතර, සංකූලතා ඇති කිරීමට ද සමත් බව තහවුරු වී තිබේ.
(රොයිටර්)