ඇමෙරිකාව අයි.එස්. නායකයකු අල්ලා ගනී


හෙලිකොප්ටර් යානා යොදා ගනිමින්, නැගෙනහිර සිරියාවේ සිදු කළ මෙහෙයුමකින් අයි.එස්. ත්‍රස්ත නායකයකු අල්ලා ගැනීමට හැකිවුණු බව ඇමෙරිකාව පවසයි.

ඇමෙරිකන් හමුදාව මෙම අයි.එස්. නායකයා අල්ලා ගෙන ඇත්තේ සිරියානු හමුදාවේ ද සහාය ඇතිව කළ වැටලීමකදී යැයි ද පැවැසෙයි.

එම වැටලීමේදී සිවිල් වැසියන් කිසිවකුටවත් අනතුරක් සිදුනොවූ බව ද පැවැසෙයි. අයි.එස්. නායකයා කවුරුන්දැයි මෙතෙක් අනාවරණය කර නැත.

(රොයිටර්)