ඇමෙරිකාව ඇෆ්ගන් ගුවන් නියමුවන්ට පුහුණුව දෙනවා


ඇෆ්ගනිස්තාන් ගුවන් හමුදාවේ හිටපු නියමුවන්ට ඇමෙරිකාවේ දී විශේෂ පුහුණුවක් ලැබෙන බවත්, මෙම නියමුවන් පුහුණු කරන්නේ යුක්රේන සටන් බිමේ රුසියන් ඉලක්ක වෙත පහර දීමට බවත් රුසියාව පවසයි.

කැලිෆෝනියාවේ ගුවන් කඳවුරුවල පුහුණුව ලබන මෙම ගුවන් නියමුවන් පෝලන්තය හරහා යුක්රේනයට යැවීම සිදුවනු ඇතැයි ද පැවැසෙයි. පෝලන්තය නේටෝ සාමාජිකයෙකි.

තලේබාන්වරුන්ගේ පාලනයට අත්වීමට පෙර, ඇෆ්ගනිස්තානයේ පැවැතියේ ඇමෙරිකන් හිතවාදී පාලනයකි. එම කාලයේ ඇෆ්ගන් ගුවන් හමුදාවට බඳවා ගත් නියමුවෝ තලේබාන්වරුන් රටේ බලය අත්පත් කර ගනිද්දී ඇමෙරිකාවට ගියහ.

රුසියානු ඉලක්කවලට පහර දීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දී ඇත්තේ මෙම නියමුවන්ට යැයි පැවැසෙයි.

(රොයිටර්)