ඇමෙරිකාවත්, දකුණු කොරියාවත් එක් වී වාර්ෂිකව පවත්වන යුද අභ්‍යාසය ආරම්භ විය. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකාව සහ දකුණු කොරියාව ආරම්භ කළ විශාලතම යුද අභ්‍යාසය මෙය බවය.
සුපුරුදු පරිදි, යුද අභ්‍යාසයට උතුරු කොරියාවෙන් දැඩි විරෝධයක් එල්ල විය. යුද අභ්‍යාසයට විරෝධය දක්වමින්, උතුරු කොරියානු හමුදාව බටහිර වෙරළ තීරයේ කෲස් මිසයිල අත්හදා බැලීමක් ද කළේය. ආරම්භ වුණු යුද අභ්‍යාසය සැප්තැම්බර් පළමු වැනිදා තෙක් පැවැත්වෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යියෝල් පවසා තිබේ.
යූන් සුක් යියෝල් දකුණු කොරියාවේ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ එක් වී පවත්වන පළමු යුද අභ්‍යාසය මෙය යැයි ද පැවැසෙයි. පසුගිය වසරවලදී ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් යුද අභ්‍යාසය පැවැත්වූයේ දෙරටේ හමුදා බලඇණි කීපයක් සහභාගී කර ගනිමිනි.
(රොයිටර්)