ඇමෙරිකාව දිගු දුර මිසයිලයක් අත්හදා බලනවා


ඇමෙරිකන් හමුදාව, නව අන්තර් මහද්වීපක මිසයිල අත්හදා බැලීමක් සිදු කිරීමට සූදානම් වෙයි.

අන්තර් මහද්වීපික මිසයිල යනු එක් මහද්පීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි බැලැස්ටික්මිසයිල වර්ගයකි.

තමන් නව මිසයිල අත්හදා බැලීමක් සිදු කරන බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය රුසියාවට දන්වා ඇතැයි ද පැවැසෙයි.

එදිරිවාදිකම් පැවැතියත්, බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම්වලදී ඇමෙරිකාව සහ රුසියාව අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු වීම සම්ප්‍රදායයි.

ඇමෙරිකාව මෙම නව බැලැස්ටික මිසයිලය අත්හදා බලන්නේ රුසියාවට තර්ජනයක් ලෙස නොව, තායිවානය මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් චීනයත් අතර හටගත් අර්බුදය හේතුවෙන් යැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)