ඇමෙරිකාවට ආ බැලූනය තමන්ගේ බව චීනය පිළිගනී


උතුරු ඇමෙරිකා ගුවන් සීමාවට ඇතුළු වූයේ, චීන හමුදාවට අයත් ඔත්තු නිරීක්ෂණ බැලූනයක් යැයි ඇමෙරිකාව එල්ල කළ චෝදනා චීනය මුලින් ප්‍රතික්ෂේප කළත්, පසුව පැවැසුවේ එම බැලූනය තමන්ට අයත් එකක් බවය.

චීන විදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ බැලූනය තමන්ට අයත් එකක් බව පිළිගන්නා බවත්, එය හමුදාවට අයත් ඔත්තු නිරීක්ෂණ බැලූනයක් නොවන බවත්ය.

බැලූනය, කාලගුණ විපර්යාස පිළිබඳ දත්ත රැස් කරමින් ඒවා අධ්‍යයනයට චීන විද්‍යාඥයන් යැවූ බැලූනයක් බවත්, එය චීනයේ පාලනයෙන් ගිලිහී ඇමෙරිකාව දෙසට පා වී ආ බවත්ය.

බැලූනය චීන හමුදාවට අයත් නොවන බව චීන රජය තරයේ පැහැදිලි කර තිබේ. චීන විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ චීනය කිසිම අවස්ථාවක, වෙනත් රටක ගුවන් සීමා උල්ලංඝනය කර නැති බවත්, ඔත්තු බැලීම් කර නැති බවත්ය.

(රොයිටර්)