ඇමෙරිකාවට හිම කුණාටුවක්


ඇමෙරිකාවේ ජනපද රැසක් හරහා ප්‍රචණ්ඩ හිම කුණාටුවක් හමා යෑමට පටන් ගෙන තිබේ. එම හිම කුණාටුව හේතුවෙන්, ගුවන් ගමන් රැසක් ද අවලංගු කිරීමට බලධාරීන්ට සිදුවී ඇත.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ අධිවේගී මාර්ග රැසක් ද මේ වනවිට වසා දමා ඇති බවය. හිම කුණාටුවේ බලපෑමත් සමඟ උෂ්ණත්වය රින 40 ටත් වඩා අඩු වී ඇතැයි ද පැවැසෙයි.

හිම කුණාටුවට හේතුවෙන් මිලියන ගණනක් පීඩාවට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.

(රොයිටර්)