ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි.
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ චෝදනා නගා ඇත්තේ, නව වාර්තාවක් නිකුත් කරමිනි. දිනෙන් දින ප්‍රමාද වීමෙන් පසු මෙම වාර්තාව අද (11) නිකුත් කෙරුණු බව ද පැවැසෙයි.
ඇමෙරිකාව ඊශ්‍රායලයට ලබා දෙන අවි ආයුධ යොදා ගනිමින්, ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය කඩ කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය වගකිවයුතු යැයි එම වාර්තාව පෙන්වා දී ඇත.
කෙසේ නමුත්, ගාසා තිරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි සටන ඊශ්‍රායල හමුදාවට අභියෝගයක් වී ඇති බැවින්, ඇතැම් අවස්ථාවලදී ඔවුන් හමාස් සටන්කාමීන්ට පහර දීමට යොදාගත් උපක්‍රම සාධාරණීය කළ හැකි බව ද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව පෙන්වා දී ඇත.
(බීබීසී)