රුසියන් හමුදා සමඟ සටන් කිරීමට, යුක්රේන හමුදාවට බර අවි ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
සතුරු හමුදා අඩපණ කරමින්, දිගු දුර ප්‍රහාර එල්ල කළ හැකි නවීන තාක්ෂණයෙන් යුත් රොකට් පද්ධතියක් ද මෙම අවිවලට ඇතුළත් වෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මැදිහත් වී, රුසියන් හමුදා ප්‍රහාරවලින් ආරක්ෂා වීමට මීට පෙර අවස්ථා කීපයකදී ද යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දී තිබුණත්, විනාශකාරී බර අවි ලබා දීම සිදු කරන පළමු අවස්ථාව මෙයයි.
මෙම අවි භාවිතයට ගනිමින් යුක්රේන හමුදාවට රුසියාවේ ඉලක්කවලට පවා පහසුවෙන් පහර දීම් කළ හැකි වනු ඇති බව යුද විශ්ලේශකයෝ පෙන්වා දෙති.
බර අවි ලබා දීමට තීරණය කරමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කළේ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සාම සාකච්ඡා සඳහා මුහුණට මුහුණ හමුවෙන්නේ නම්, ඒ සඳහා උපරිම සහාය ලබා දෙන බවය.
(රොයිටර්)