ඇමෙරිකාවෙනුත් නාසික එන්නතක්


‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය අඩපණ කිරීමේ අරමුණින්, ඇමෙරිකාව ද නාසික එන්නතක් නිපදවා ඇත. මෙම එන්නත නිපදවා ඇත්තේ නාසයට ඉසින දියරයක් ලෙසය.

මෙම එන්නත නිපදවා ඇත්තේ ‘ග්ලැඩ්ස්ටෝන්’ ඖෂධ පර්යේෂණ සමාගමේ විද්‍යාඥයන්ය. මෙම එන්නත එක් මාත්‍රාවක නාසික එන්නතක් බව එම විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මේ වනවිටත් චීනය සහ ඉන්දියාව ‘කොවිඩ් 19’ නාසික එන්නත් නිපදවා ඇති අතර, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට එම එන්නත්වලට හැකි බව පැවැසෙයි.

(රොයිටර්)