ඇමෙරිකාවේ ආයුධ ගබඩා හිස් වෙනවා


යුක්රේනයට අවි සැපයීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ අවි තොග අවසන් වී ගෙන යන බව එරට කොංග්‍රසයේ රිපබ්ලිකන් පාක්ෂික මයික් ගැලගර් පවසයි.

මේ වන විට යුක්රේනයට වසර ගණනක් සඳහා අවශ්‍ය අවි තොග ලබා දී අවසන් බව ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ හේතුවෙන් චීනයේ කොම්යුනිස්ට් පක්ෂයෙන් තායිවානයට එල්ල වන පීඩනයට මුහුණ දීම සඳහා අවි සැපයීම දැන් පවතින තත්ත්වය මත කළ නොහැකි බව මයික් ගැලගර් ප්‍රකාශ කළේය.

අවුරුදු 7 ක ජැවලින් වර්ගයේ මිසයිල තොග මේ වන විට යුක්රේනයට ලබා දී අවසන් බව ඔහු පෙන්වා දුන්නේය.

ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට ඩොලර් බිලියන 4 ක යුද ආධාර ලබා දී ඇති අතර ඩොලර් බිලියන 33 ක ආධාර පැකේජයක් සඳහා කොංග්‍රසයෙන් අවසර ඉල්ලා ඇත. එම ඩොලර් බිලියන 33 න් ඩොලර් බිලියන 20 ක් කීව් අගනුවර සඳහා යුද ආධාර වේ.

(රොයිටර්)