ඇමෙරිකාවේ කම්හලක වෙඩි තැබීමක්


ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ස්මිත්ස්බර්ග් නමැති නගරයේ කර්මාන්තශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

‘ස්ටේට් ටෲපර්’ පොලිස් නිලධාරියකු පෙරළා කළ වෙඩි තැබීමකින් වෙඩි තැබීම කළ පුද්ගලයා ද ජීවිතක්ෂයට පත් විය.

වෙඩි තැබීම සිදුවූයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ වේලාවෙන් සවස 2.30 ට පමණය.

වෙඩි තැබීම කළ තැනැත්තා ගැන විස්තර හෝ ඔහු වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් හෝ මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.

(රොයිටර්)