ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක්


ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, ඔරේන්ජ් නගරයේ ව්‍යාපාරික ස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් කුඩා දරුවකු ඇතුළු සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

වෙඩි තැබීම සිදු කළ තැනැත්තා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් වූ බව ද පැවැසෙයි. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූ තවත් දෙදෙනකු රෝහල් ගත කෙරුණි.

ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්)