ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල රෝහලක අද (2) සිදුවූ වෙඩි තැබීමකින් හතර දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මියගිය පුද්ගලයන් හතරදෙනාට අමතරව තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇතැයි ටුල්සා පොලිසිය ප්‍රකාශ කළේය.ඔක්ලහෝමා හි ශාන්ත ෆ්‍රැන්සිස් විශ්ව විද්‍යාල රෝහලේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
සැකකරු වයස අවුරුදු 35-40 ත් අතර කලු ජාතිකයකු බවත් රයිෆලයක් සහ පිස්තෝලයක් රැගෙන පැමිණ විනාඩි 4-5 ක් අතර කාලයක් වෙඩි තබා ඇති බවත් ටුල්සා පොලිසිය පැවසුවේය.එක් අයෙක් ඝාතනය කිරීමට මෙම සැකකරු පැමිණෙන්නට ඇති බවත් එය වසා ගැනීම සඳහා අනෙක් පුද්ගලයන්ට වෙඩි තබා ඇති බවත් ටුල්සා පොලිසිය විශ්වාස කරයි.
වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරු ඔහුගේ තුවක්කුවෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගත් බව ටුල්සා පොලිසිය ප්‍රකාශ කළේය.
(ස්කයි නිවුස්)