ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, ජැක්සන්විල් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් කිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව පොලිසිය පවසයි. වෙඩි තැබීම කළ පුද්ගලයා ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය.
වෙඩි තැබීමෙන් පසු පොලිසිය පැමිණ කොටු කර ගන්නා විට, වෙඩි තැබීම් කළ තැනැත්තා 'ඩොලර්ස්' නමැති වෙළෙඳසැල තුළ සැඟවී සිට ඇත. පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු පොලිසියට ද වෙඩි තැබූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.