ඇමෙරිකාවේ බැංකුවක වෙඩි තැබීමක්


ඇමෙරිකාවේ කෙන්ටකි ජනපදයේ, ලුවිස්විල් නගරයේ බැංකුවක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 8 කි. වෙඩි තැබීම කළේ බැංකුවේ හිටපු සේවයකයකු බව පොලිසිය කියයි.

වෙඩි තැබීම සිදුවී ඇත්තේ ඇමෙරිකාවේ වේලාවෙන් උදේ 8.30 ට පමණය. වෙඩි තැබීම සිදුවූයේ ලුවිස්විල් නගරයේ ජාතික බැංකුවේය.

වෙඩි වැදීමෙන් මියගියේත් තුවාල ලැබුවේත් බැංකු සේවකයන් බව පැවැසෙයි. වෙඩි තැබීම කළ තැනැත්තා ද දිවි නසා ගත් බව පොලිසිය කියයි. සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක් සිදුවෙමින් පවතී.

(රොයිටර්)