ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ රොචෙස්ටර් මේපල්වුඩ් උද්‍යානයේ සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් සය දෙනෙක් තුවාල ලැබූහ.
වෙඩි තැබීම කළේ අවුරුදු 20 ක පමණ තරුණයෙකි. වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නැති නමුත් එය පෞද්ගලික කෝන්තරණයක් නිසා සිදුවූවක් යැයි සැක කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පැවැත්වෙන බව ද වාර්තා වේ. තුවාල ලැබූ හය දෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.