අමෙරිකාවේ නිව්යෝක්හි නිවසක ඇති කළ සුරතල් බළලුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ අනුව සුරතල් සතුන්ට වෛරසය ආසාදනය වූ බවට අමෙරිකාවෙන් වාර්තා වන මුල්ම අවස්ථාව මෙය වේ.
නිවැසියන්ගෙන් හෝ අසල්වැසියන්ගේ මෙම සතුන්ට වෛරසය ආසාදනය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් කලබල විය යුතු නැති බවත් සුරතල් සතුන්ගෙන් වෛරසය මිනිසුන්ට ආසාදනය වන බවට සාක්ෂි සොයාගෙන නොමැති බවත් එරට වෛද්‍ය විශේෂඥයෙකු වන ඇන්තනි ෆවුසි මහතා පවසයි.
නිව්යෝක්වලින් වෙන්ව පිහිටි ප්‍රදේශවල සිට මෘදු ශ්වසන රෝග සහිත බළලුන් පැමිණෙන බව හඳුනාගෙන තිබේ.
කොරෝනා වෛරසය සතුන්ට ආසාදනය වූ අවස්ථා කිහිපයක් පසුගිය දිනවල වාර්තා විය.
නිව්යෝක්හි පිහිටි බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ සිටි ව්‍යාඝ්‍රයින් පස් දෙනෙකුට හා සිංහයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සත්වෝද්‍යානය පවත්වාගෙන යනු ලබන වන ජීවී සංරක්ෂණ සමාජය ප්‍රකාශ කළේය.
හොංකොංහි පොමරේනියන් සුනඛයෙකුට ද වෛරසය ආසාදනය වූ බවට මීට පෙර තහවුරු වූ අතර එම සුනඛයාගේ හිමිකරු වෛරසය ආසාදිත පුද්ගලයෙකි.
හොංකොංහි ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයෙකුට ද වෛරසය ආසාදිත බවට තහවුරු කර ගත් අතර එම සුනඛයාගේ හිමිකරු ද වෛරසය ආසාදිත තැනැත්තෙකි.
(බීබීසී ඇසුරෙනි)
-226-