වසර 3 ක් සහ දින 100 කට පසු,‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ පැවැති මහජන හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය තීරණය කර තිබේ.
මේ වනවිට ‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙන් ගෝලීය වශයෙන් පනවා තිබූ මහජන හදිසි තත්ත්වය ඉවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත. ඒ, වයිරසයේ සැර බාලවීම හේතුවෙනි. එසේ වුවත්, ‘කොවිඩ් 19’ වයිරසය සම්බන්ධයෙන් තව දුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.
‘කොවිඩ් 19’ වසංගතයට ඇමෙරිකාවේ මිලියන 1.1 ක් මියගියහ. ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ මහජන හදිසි තත්ත්වයක් ක්‍රියාවට නැංවූයේ 2020 ජනවාරියේය. කෙසේ නමුත්, සාර්ථක එන්නත්කරණය හේතුවෙන් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඇමෙරිකන් සෞඛ්‍ය අංශ සමත් විය.
මේ අතර ‘එම්.පොක්ස්’ හෙවත් වඳුරු උණ සම්බන්ධයෙන් ද පැනැවූ මහජන හදිසි ත්ත්ත්වය ඉවත් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. ‘එම්.පොක්ස්’ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ මීට මාස 10 කට පෙරය. රටවල් 100 කින් ‘එම්. පොක්ස්’ ආසාදිතයන් වාර්තා වී තිබේ.
(රොයිටර්)