ඇෆ්ගන් තලේබාන්වරුන්ගෙන් තව දුරටත් තර්ජනයක් නැහැ


ඇෆ්ගන් තලේබාන් සංවිධානය, තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රුසියන් රජය තීරණය කළ බව එරට විදේශ අමත්‍යාංශය පවසා ඇත. 

2021 වසරේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, අෆ්ගනිස්තානය යළි තලේබාන් පාලනයට නතු විය. අදවනවිට ෂරීයා නීතිය ක්‍රියාත්මක ඇෆ්ගනිස්තානය පාලනය කරන්නේ මෙම තලේබාන්වරුන්ය.

තලේබාන්වරුන් තව දුරටත් ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලකිය නොහැකි බව රුසියන් රජය තීරණය කළත්, තලේබාන් සංවිධානය රුසියන් ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීම සිදුවන්නේ නෛිතක වශයෙන් සාකච්ඡා පවත්වා තීන්දු තීරණ රැසක් ගැනීමෙන් පසුව යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිත සමීර් කබුලෝව් පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)