ඇෆ්ගන් තලේබාන් නියෝජිතයන් කණ්ඩායමක් සහ චීන විදේශ අමාත්‍ය වැංග් යී අතර හමුවක්, උතුරුදිග චීනයේ ටියැංජියැං නගරයේ පැවැත්විණි.
තලේබාන් සාමාජිකයන් නව දෙනකුගෙන් සමන්විත එම නියෝජිත කණ්ඩායම, දෙදින නිල සංචාරයක් සඳහා උතුරු දිග චීනයට පැමිණ ඇත්තේ පාකිස්තානය හරහා පාකිස්තාන රජයේ ද විශේෂ අනුග්‍රහයක් යටතේ ඇයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. තලේබාන් සාමාජිකයන් සහ චීනය අතර යහපත් සබඳතා ඇති කිරීමේදී නිල නොලත් මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයයි.
ඇෆ්ගන් සංග්‍රමය අවසන් කරමින්, ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් පිටවීම ආරම්භ කර තිබේ. විදෙස් හමුදා පිටවී යන්නේ ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතර සාම වැඩපිළිවෙළකට මඟ සකස් කර දීමෙන් ද පසුවය. කෙසේ නමුත්, මේ වනවිට තලේබාන්වරුන් ඇෆ්ගන් වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කර ඇතැයි පැවැසෙයි.
විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය පසු, ඇෆ්ගන් වැසියන්ගේ යටිතල පහසුකම් නංවමින්, එරට සංවර්ධන ව්‍යාපෘති රැසකට සම්බන්ධ වීමට චීනය බලාපොරොත්තු වෙයි. මේ සම්බන්ධයෙන් චීන නියෝජිතයන්, එරට හමුදා ප්‍රධානීන් සහ ඇෆ්ගන් රජයේ නියෝජිතයන් අතරේ ද සාකච්චා පැවැත්වීම සිදුවෙයි.
චීනය, පාකිස්තානය හරහා අරාබි මුහුද දක්වා ඔවුන්ගේ නව සේද මාර්ගය පුළුල් කිරීමට බලාපොරොත්තු වන අතර, එම සේද මාවත වැටී ඇත්තේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය හරහාය. මේ වනවිටත් පාකිස්තානයේ චීන අනුග්‍රහයෙන් අධිවේගී මාර්ග ඉදිවෙමින් පවතී. ඒ, ඒවා ඇෆ්ගනිස්තානයට සම්බන්ධ කිරීමේ බලාපොරොත්තුවෙනි.
ඇෆ්ගන් රජයට ණය ලබා දෙමින්, එම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට නම්, චීනයට ඇෆ්ගන් රජයේ සහාය පමණක් නොව, ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ සහාය ද අවශ්‍ය වෙයි. දෙදින සංචාරය අතරතුරේ චීන ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු සමඟ ද සාකච්ඡා පැවැත්වීමට තලේබාන් නියෝජිතයන්ට අවස්ථාවක් උදා වූ බව පැවැසෙයි.
(රොයිටර්)