ඇෆ්ගන් සිවිල් වැසියන් අමාරුවේ දැමූ බවට ඇමෙරිකන් ජනාධිපතිජෝ බයිඩන්ට දිගින් දිගටම චෝදනා එල්ල වෙයි.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා කඩිනමින්, ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වූ බැවින්, ඇෆ්ගන් සිවිල් වැසියන් යළි තලේබාන් මූලධර්මවාදීන්ගේ අණසකට ලක් වුණැයි චෝදනා නගමින් වොෂින්ටනයේ සිටින ඇෆ්ගන් වැසියෝ සියයකට වැඩි පිරිසක් ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නියැලුණාහ.
තමන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 අල් කයිඩා ප්‍රහාරයෙන් පසු ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ආරක්ෂාව යටතේ සැඟවුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා බවත් 2011 දී බින් ලාඩන් මරා දැමීමෙන් පසු එම ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදයට එරෙහි කළ සටන නිමා වුණු බවත්, ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ඇමෙරිකන් හමුදා සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගත් බවත්, දැන් සියලුවිදෙස් හමුදා සොල්දුදාවන් ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන බවත් පෙන්ටගනය පැහැදිලි කර තිබේ. පෙන්ටගනය යනු ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුවය.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ එරට වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හෝ ඇෆ්ගනිස්තානය දියුණු කිරීමට හෝ නොවන බව ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.
(සී.එන්.එන්.)